Thursday, May 20, 2021

 නින්දේදී පැමිණි හොල්මන

මට උන දෙයක් නම් නෙමෙයි මේක .මගේ හොදම යාලුවොන්ගෙන් කෙනෙක්ගේ මල්ලිට උන දෙයක්..මගේ යාලුවට chines restaurant එකක් තිබුනා .උන්ගෙ අම්මා මල්ලි මෙ ඔක්කොම එකතුවෙලා තමා මෙ ව්යාපාරය කරගෙන ගියේ ..අවසනවකට උන්ගෙ තාත්තා අපි අතර නෑ ..මගේ යාලුවා ගොඩක් වෙලවට කඩේ වහල එන්නෙ මහා රාත්රී යෙදී ..උන්ගෙ මල්ලි 10 වගේ වෙනකොට ගෙදරට එනවා ..
උන්ගෙ මල්ලි දවසක් මෙහෙම ගෙදරට එනකොට කඩේ ඉතුරුවෙලා තියෙන රොස්ට් කරපු කුකුල් මස් වගයක් කකා ආවලු..ගෙදර අවිල්ලත් තවත් ඉතුරු වෙලා තිබුන මස් ටිකක් කකා ඉන්දලා නිදා ගත්තලු...කතාවේ හොදම seen වෙන්නෙ ඉතින් ඊට පස්සෙ ...අපේ ගෙවල් ලග ඉන්නවා ..ජන්තු (මෙම නම මොහුගේ සත්ය නම නොවන බව සලකන්න) කියලා කපු මහත්තයෙක් ..පන්සලට අයත් සියලුම දෙවාල වල කටයුතු ඉස්ට සිද්ධ කරන්නේ මෙ කපු මහත්තයා..හරිම හොද මනුස්සයෙක්..යන්ත්ර මන්ත්ර වෙඩකට උනත් අපේ ගමේම ඉන්නෙ මෙ කපු මහත්තයා විතරයි ..
එදා රාත්රී 2 වගෙ අපෙ ගෙදරට මගේ යාලුව අවා bike එකෙන් ..පුදුම විඩියට බයවෙලා ඉනඩියෙ මු.. මන් අහුවා මොකො බන් කියලා .. මු කිව්වා අපෙ මල්ලි බයවෙලා බන් යමන් කියලා ..අපි යනගමන් ජන්තු මාමවත් අඩගහන් ගියේ ..අපරාදේ කියන්න ..කිව්ව ගමන් අවා යමල්ලා ඉක්මනට කොලුවට මොකද දන්නෙ නෑ කියලා..
අපි යාලුවගෙ ගෙදරට එනකොට ..මුලු ගෙදරම lights දාලා ..මල්ලි නිදන් ඉන්දපු කාමරෙට අපි ගියා අපි දෙයක් දේක්ක ..දක්නට ලෙබුන දෙ අපිට හිතාගනවත් අමරු උනා..මගෙ යාලුවගෙ මල්ලි ඉන්දියෙ කාමරේ ජනෙල් වලට ගහලා තිබුන ග්රිල් එකේ එල්ලිලා අත් දෙකයි කකුල් දෙකයි දේපෙතට දාලා ..හිතලා නෙමෙයි ..මු බයටම ..කට අරගෙන ඉන්නවා ..
මු කොච්චර බයවෙලා ද කිව්වොත් මුව දකපු අපිත් බය උනා..ජන්තු මාම මතුරලා ඔලුවට තෙල් ටිකක් දාලා මොනද මන්ද tamil වගේ මතිරුව . ඉට පස්සෙ අපි මුව ග්රිල් එකෙන් බිමට ගත්තා.. ජන්තු මාම අහුවා මොකද පුතෙ උනේ කියලා අරුන්ගෙ මල්ලි ගෙන්..උන්ගෙ මල්ලි කිව්වා සුදු පාට කුරුම්බා ලොදයක් වගේ උස අමුතු මිනිහෙක් මුනට ලන් උනා කියලා..මු ට ඉටපස්සෙ උන දෙයක් මතක නෑ කිව්වා ....අපි ඉටපස්සෙ උන දෙවල් දෙක්කානෙ ..
පහුවදා මුලු වත්තම cover වෙන්න අරක්ශාවක් ජන්තු මාම දාලා දුන්නා..අදටත් මගේ යලුවගේ මල්ලි හොදින් ඉන්නවා ..කිසිම මස් මාංශ ජාතියක් කටෙවත් තියන්නෙ නෑ.

Thursday, December 16, 2010

පූර්විකාව එදින ඉතා මුසල අදුරු රාත්‍රියක්..... ඇග කිලිපොල යන සිතල සිහින් වැහි බිංදු මා ගත දැවටෙනවිට මුසල කම තවත් වැඩිවෙයි. පෙනෙනා තෙක්මානයේ බලු බල්ලෙක් වත් නොමැති ඒ මාර්ගයේ මා Lap Top එක කරෙහි එල්ලාගෙන සෙමින් සෙමින් නිවස වෙත යන අටියෙන් පියවර මැන්නෙමි. ඇතින් ඔරලෝසු කණුවෙහි සීනුව නාද වනු ඇසිනි. වෙලාව රාත්‍රී 12.00. ගැමි ව්‍යවහාරයට අනුව "යක්කු ගුස් නගින වෙලාව"....... තනිව සිටින මා සිත තුල යම් යම් සිතිවිලි දහස් ගණනින් හටගනී... ඉන් එක සිතුවිල්ල නම් අදුරු රාත්‍රියේදි මා ලද අද්දැකීම් ලොවට කියවීම සදහා අකුරු කිරීමටය..... සමහරෙකු භූත බලවේග විශ්වාස කරයි. සමහරෙකු විශ්වාස නොකරයි. කෙසේ වෙතත් අපට නොපෙනෙන ගුප්ත බලවේග ලොව ඇත. ඒ ගුප්ත බලවේග රාත්‍රියේදී බල සම්පන්න වේ. එම අදුශ්‍යමාන බලවේග හට අප ජිවිත වලට බලපෑම් කල හැකිද? ගුප්ත බලවේග හමුවේ අප කල යුත්තේ කුමක්ද? (අදුරු රාත්‍රියේදි මා ලද අත්දැකීම් මෙහි සටහන් තබමි. ) 

ලොමු දැහැගන්වන කතා පෙළ බලාපොරොත්තු වන්න.........!

  නින්දේදී පැමිණි හොල්මන මට උන දෙයක් නම් නෙමෙයි මේක .මගේ හොදම යාලුවොන්ගෙන් කෙනෙක්ගේ මල්ලිට උන දෙයක්..මගේ යාලුවට chines restaurant එකක් තිබුන...